Covid -19 වසංගතය මර්දන වැඩපිළිවෙලට සමගාමීව දිවයිනේ ගම් මට්ටමින් දිළිඳු ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලට සමෘද්ධි කළමණාකරුවන් සහ සමෘද්ධි නිලධාරීන් ලබා දුන් දායකත්වය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, ළමා හා කාන්තා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඇගයීමට ලක් කර ඇත.
විශේෂයෙන් මේ දිනවල සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 20ට ආසන්න ප්‍රමාණයකට රජය විසින් ගෙවනු ලබන සහන ණය වැඩපිළිවෙල සහ දීමනා ගෙවීම ක්‍රියාත්මක කිරීමේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය වන 25330 ක සේවක සංඛ්‍යාවක් සෘජුව දායකත්වය ලබා දෙයි.
මෙම කරුණු හෙළිවූයේ අද දින (9) පෙරවරුවේ සමෘද්ධි,කෘෂි පර්යේෂණ නිෂ්පාදක සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතාගේ සහභාගිත්වයෙන් සහ සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
මෙහිදී සමෘද්ධි සංවර්ධන සංගමයේ සාමාජිකයින් විසින් මෙම ව්‍යසන අවස්ථාවේ ගෙයින් ගෙට ගොස් එම ණය ආධාර සහ දීමනා ලබාදීමේ කටයුතු වල නිරත වන හෙයින් ඔවුන්ට මුහුණ පෑමට සිදුවනු සෞඛ්‍ය ගැටලු පිළිබඳව අමාත්‍යතුමිය දැනුවත් කරන ලදී. ඒ අනුව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඔවුන්ට අවශ්‍ය මුව ආවරණ සහ විෂබීජනාශක අත් සේදුම් දියර අවශ්‍ය පරිදි ලබාදෙන ලෙස අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස්.මහානාම මහත්මියට සහ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතාට උපදෙස් දෙන ලදී.
එමෙන්ම ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සහ දීමනා ලබාදීම පිළිබඳව ද කටයුතු කරන ලෙස ද අමාත්‍යතුමිය විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සංගමයේ නිලධාරීන්ගේ විශේෂ ඉල්ලීමක් කරමින් කියාසිටියේ ඉදිරි දින කිහිපය තුළ ලංකාවේ සමෘද්ධි ප්‍රතිලාභීන් සහ පොරොත්තු ලේඛණයේ සිටින සියලු දෙනා සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ණය සහ දීමනා ලබා දී නිම කරන ලෙසයි.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස්.මහානාම,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි , අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න සහ සමෘද්ධි,කෘෂි පර්යේෂණ නිෂ්පාදක සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජගත් කුමාර යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.