කල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ වත්මන් සභාපතිවරයා විසින් තම නමට, නීතිවිරෝධී ලෙසින් ලියා ගන්නා ලද සමූපකාර සමිතියට අයත් ඉඩම යළි සමුපකාර සමිතිය වෙතටම පවරා නිවැරදි කරණ ලෙසට,වයඹ සමූපකාර සංවර්ධන කොමසාරීස් රෙජිස්ටාර් වසන්ත ගුණසේකර විසින් එම සමිතියේ ලේකම් වෙත දැනුම් දී ඇතැ යි,එහි හිටපු අධ්යක්ෂ මණ්ඩලය පවසයි.සභාපතිවරයාගේ මෙම අනීතික ක්‍රියාව මාධ්‍ය මගින් අණාවරනය කිරීම හා බළධාරීන්ගේ අවධානය මේ පිළිබදව යොමු කරවීම පිළිබදව මාධ්‍යට හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ කෘතඥතාව ද පිරිනමනු ලබයි.
කල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ වත්මන් සභාපතිවරයා වන ඒ.සී.සලාහුදීන් මහතාට මෙම චෝදනාව එල්ල වී ඇත.එම සමිතියට අයත් කෝටි පහකට වඩා වටිනාකමකින් යුතු,ඔප්පු අංක 6126 (1992.01.23) දරන ඉඩමේ ඔප්පුව අංක 3868 (2023.04.11)වශයෙන් වෙනස් කොට එම ඔප්පුව සභාපතිවරයාගේ පෞද්ගලික නමට ලියා ගැනීම මෙම චෝදනාව වේ.
ඒ අනුව "පරංගි වත්ත "නම් ඔප්පු අංක 3868 දරන අක්කර දෙකයි,රූඩ් තුනයි,පර්චස් 12.45 ක් වන එම ඉඩම යළි සමිතියට හිමිකම් පැවරෙන ලෙස නිවැරදි කොට පවරා ගන්නා ලෙසට සමිතියේ ලේකම් වෙත ලිඛිතව දන්වා ඇතැයි,මෙම චෝදනාව ගොනු කරනල ද හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ඒ.ඒ.මුසම්මිල් මහතා පවසයි.තව ද 2024.06.14 දිනට පෙර කඩිනමින්,වසර හතලිහක කාල සීමාවක් දක්වා හිමිකම් දක්වා,වසර දහයකට නොඅඩු පළපුරුදු සහිත නීතිඥයෙකු මගින් නීතිමය කටයුතු සිදු කරන ලෙසට වැඩිදුරටත් ලේකම් තුමිය වෙත නියෝග කර ඇත.
අප මේ පිළිබදව චෝදනාවට ලක්ව ඇති වත්මන් සභාපති ඒ.සී.සලාහුදීන් මහතාගෙන් විමසූවෙමු.ඒ මහතා කරුණු දැක්වීම ප්රතික්ෂේ කළේ ය.නිළධාරීන් සියලු දෙනා හමුවේ තමා අදහස් දක්වීමට කැමති බවත් පැවසුවේ ය.
සමුපකාර සමිතියේ ලේකම් ෆිලීෂියා ප්‍රේමනී මහත්මියගෙන් මෙම ගැටලුව පිළිබදව විමසූ වෙමු.එම මහත්මිය පැවසුවේ,මේ වන විට තරමක් දුරට කරුණු ගොනු කරගෙන ඇති බව ය.එසේම වත්මන් අධ්යක්ෂ මණ්ඩලය වෙත සමූපකාර සංවර්ධන කොමසාරීස් තුමාගේ ලිපිය යොමු කර ඇති බවත් ඒ සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට නියෝග කර ඇති බවත් ය.
වත්මන් සමූපකාර අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජික එස්.උදය කුමාර් මහතාගෙන් අප විමසීමක් කළෙමු.මෙම ඉඩම වහාම යළි සමිතියට පවරා,වරද නිවැරදි කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්,මෙම ලිපිය අධ්යක්ෂ මණ්ඩලය වෙත ලැබීමට ප්‍රමාද වූ බවත් ඒ මහතා පැවසුවේ ය.
කල්පිටිය කුමාරි