කළුතර දිස්ත්‍රික්කයේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 05ක් අන්තර්ගත වීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබේ.
අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිට අදාළ නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබා දී ඇත.
සමාජය තුළ කතාබහට ලක් වී ඇති මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත්තේ අදාළ පාසලෙන්ම බවත්, ඒ සඳහා අමාත්‍යාංශ මට්ටමින් හෝ වෙනත් ආයතනික මට්ටමකින් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් අමාත්‍යාංශ ලේකම්වරිය පැවසීය.