මේ වනවිට සමාජය කිවනොහැකි තරමටම බිඳ වැටි ඇති බව තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (11දා ) බලපිටියේදී පැවසිය .බලපිටිය රන්දොබේ සංඝරාජ පිරිවෙන් විහාරස්ථානයේ නව සංඝාවාසයයක් විවෘත කිරීමේ පිංකම නිමිත්තෙන් පැවති ජන හමුව අමතා රාජපක්ෂ මහතා එසේ කිවේය.
එහිදී තවදුරටත් කතා කල රාජපක්ෂ මහතා මෙසේද පැවසීය .
අද සමාජය බිඳ වැටිලා .මේ වනවිට සමාජය කිවනොහැකි තරමටම බිඳ වැටිලා .සංගීත සංදර්ශනය පැයකින් නැවැත්තුවා කියලා එයට ගහන්න තරම් සමාජය බිඳ වැටිලා .මෙහෙම ගියොත් සංගීත සංදර්ශනවලට තැබූ අත මාධ්‍යයටත් තියන්න බැරි නැහැ .ඒ නිසා අපි හැමදෙනාගේම වගකීම මේ සමාජය හරි මගට ගැනීමයි .
මේ සමාජය බිඳ වැටීමට අපේ ඇතැම් මහජන නියෝජිතයනුත් වගකිවයුතුයි .ඒ වගේම කොරෝනා ව්‍යසනය නිසා ජනතාව පන්සල් ,පල්ලි ,කෝවිල් වලින් දුරස්විමත් මෙයට තවත් එක හේතුවක් වුනා .දැන් අපිට කරන්න සිද්ධවෙලා තියෙන්නේ පන්සල් පල්ලි හා කොවිල්වලින් දුරස්වුණු ජනතාව ඒවාට ළංවීමට සැලැස්වීමයි .එසේ නොවුනහොත් මේ සමාජ බිඳ වැටීම නවත්වන්න බැහැ .
අපේ රජය පන්සල් පල්ලි හා කෝවිල් ඇතුළු පූජනිය ස්ථාන දියුණු කරන්න කටයුතු කළත් පසුගිය රජය සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හා බුද්ධ ශාසන අමාත්‍යංශයේ මුදල් වැය කරේ තමන්ගේ ප්‍රතිරූපය නැංවීමට කටයුතු කිරීමටයි .ඒ වගේම දේශපාලන කටයුතු සඳහාත් එම අමාත්‍යාංශවල මුදල් වැය කළා .ගිණුම්වල ශේෂයක් නැති තරමටම තමන්ට හිතු හිතු පරිදි මුදල් වැය කළා .නමුත් අපේ රජය ආගම දහම නැංවීමට විශාල සේවාවක් මේ වනවිට සිදු කරමින් පවතින බවද රජපක්ෂ මහතා වැඩි දුරටත් කිවේය .
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත