පොලිස් ජීප් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් අනතුරුව එම ජීප් රිය නොනවත්වා ධාවනය කළ පොලිස් කොස්තාපල් රියදුරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.මෙම සිදුවීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයට යොමුකර තිබුණ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි.
පසුගිය 28දා රත්මලාන ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබුණි. එදිනම ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ජීප් රිය පැදවූ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.