සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම සදහා පියා විසින් පානදුර නගරයට ඇරලවා ගිය තරුණයකු දුම්රියක ගැටී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර එළුවිල ප්රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්. කවිදු හසරැල් නැමැති 22 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තරුණයා සම්මුඛ පරීක්ෂණයකට සහභාගිවීමට යැයි පවසා නිවසින් පැමිණ සිට ඇති අතර පානදුර සිට මරදාන බලා ධාවනය වන දුම්රියේ ගැටී ඇති බව සදහන් වේ.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.
පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක (වැබ) ඩබ්ලිව්.ජී. විජේතුංග මහතා ගේ උපදෙස් පරිදි සැරයන් සුනිල් ශාන්ත (65986) පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්