සමරිසි අයිතිවාසිකම් පනත් කෙටුම්පත සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත වැරදි ක්‍රමවේද අනුගමනය කරමින් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව මේ හරහා සමාජයේ පළමු අත්තිවාරම වන පවුල දෙදරයා යාමට ඉඩ හැරීම රට විනාශ වීමට හේතු විය හැකි බවත් කොළඹ අගරදගුරැ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පැවැසූහ.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත් සම්මත වීමට ඉඩ ලබා දිය නොහැකි බව අද (25දා) කොළඹ අගරදගුරැ මැදුරේ ජාතික සමගි සඳහා වූ ආගමික සන්ධානය කැඳවා තිබූ මාධ්‍ය හමුකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මෙම අවස්ථාවට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමිනක නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
"දොලවත්ත මහත්මයා ඉදිරිපත්පත් කළ පනත පිළිබඳ සහ ඒ සමගම රජය විසින් ඉදිරිපත් කරන්න සැලසුම් කර තිබෙන කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත යන පනත් දෙකෙන්ම ඒවගේ කරැණු පැහැදිලි කරගෙන යද්දි ඉතාමත් භයානක තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්නට පියවර තබමින් සිටින බව පෙනී යනවා.
එනම් විවාහය සහ පවුල් ජීවිතය කඩාකප්පල් කිරීමේ ප්රයත්නයක්. මේ නිදහස පිළිබඳ වැරදි අදහසක් ඉදිරිපත් කරලා පදනම්ව මත තමයි මේ පනත් දෙකේ සමහර දේවල් ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සමරිසි අයිතිවාසිකම් පිළිබඳ පනත එක්තරා විදියට වැරදි ක්‍රමයක් අනුගමනය කරන්න උත්සහ කරමින් ඒ තුළ එය මානුෂීය අයිතිවාසිකමක් ලෙස එය හඳුන්වාදීමට කටයුතු කරලා තියෙනවා. මම හිතනවා ඒක වැරදි ක්‍රමයක් කියලා.
කතෝලික අපි පිළිගන්නේ විවාහා ජීවිතය සිදුවිය යුත්තේ පුරැෂයෙක් සහ ස්ත්‍රියක් අතර පමණයි. පුරැෂයක් දෙදෙනෙක් අතර හෝ ස්ත්‍රීන් දෙදෙනෙක් අතර විවාහයක් සිදුවෙන්නට බැහැ. ඒ නිසා පවුල් සංස්ථාව සමාජයේ පළවෙනි අත්තිවාරම. අපි අදහන සෑම ආගමකම මෙය පදනම් කරගෙන තිබෙනවා. සත්‍යතාවයක් ලෙස පිළිගෙන තිබෙනවා. ඒ නිසා අපි මේ පවුල් සංස්ථාව දෙදරා යන්න දුන්නොත් කරන්නේ අපේ රට විනාශය කරා ගෙනයන මාවත විවෘත කර ගැනීමයි. ඒ නිසා අපිට මෙය පිළිගන්න බැහැ.
සමහර පුද්ගලයන් උපතින්ම සමරිසි ආකල්ප ඇතිව බිහි වෙනවා ඇති. එවැනි අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි බැඳී ඉන්නවා. ඒ අයට සමාජයේ පිළිගැනීමක් ඇතිව සාමාන්‍ය තත්ත්වයෙන් වෙනත් අයට ලැබෙන අයිතිවාසිකම් ඒ අයටත් ලැබිය යුතුයි කියලා අපි පිළිගන්නවා. නමුත් මේ සමරිස් අයිතිවාසිකම් පිළිබඳ වැඩපිළිවෙලා සංස්ථාගත කරලා ඒක ඕනෑම කෙනෙකුට නිදහසේ තෝරාගන්න පුළුවන් ක්‍රමයක් කියලා හඳුන්වලා දීලා ඒ අනුව අයිතිවාසිකම් ඉදිරිපත් කරන්නට සහ තමන්ට කැමති විදියට තමන්ගේ සමරිසිකම පෙන්වන්නට ලෝකයේ කටයුතු කිරීම වැරදියි කියලා අපි විශ්වාස කරනවා.
සමරිසි තත්ත්වයක් සහිතව කවුරැන් හෝ ජනිත වෙනවා නම් ඒ තැනැත්තාට හිංසා පීඩා කිරීම වැරදියි. අපි ඒක පිළිගන්නවා. ඒ තැනැත්තාට සමාජයේ සාමාන්‍ය කෙනෙකු වශයෙන් අනිත් අයට ලැබෙන අයිතිවාසිකම් තුළ ජීවත්වීමේ අයිතියක් තියෙනවා. ඒකත් පිළිගන්නවා. නමුත් මෙය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා මුදල් සහ බලය මත යම්කිසි ක්‍රමවේදයක් තුළ මෙය ගොඩනගන්න උත්සහ කිරීමෙන් මුලු ලෝකයටම විනාශයක් ගෙන දෙන ක්‍රමවේදයක් අද සමාජය තුළ බිහිවෙලා තියෙනවා. මේක සංස්ථාගත කරන්න දෙන්න බැහැ.
ඒ වගේම කාන්තා අයිතිවාසිකම් ගැන අපිට කිසිදු ප්‍රශ්නයක් නෑ. කාන්තාවන්ට අපි ගරැ කරන්න ඕනී, ඒ අයට සම අයිතිවාසිකම් දෙන්න ඕනී, ඒවා සියල්ල අපි පිළිගන්නවා. නමුත් කාන්තා අයිතිවාසිකම් යටතේ තමන්ට කැමති කැමති විදියට ගබ්සා කිරීම වගේ දේවල් කරන්න නිදහස දෙන්න බෑ. මොකද දරැවෙකුගේ ජීවිතය අපිට වැදගත් වෙනවා. මෙවැනි දේවල් සමාජගත කිරීම වැරදියි"