ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සභාපති තනතුරින් ඉල්ලා අස්වන බවට සිදුකළ ප්‍රකාශය ගැන නැවත සිතා බැලීමට සිදුවන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
පවතින තත්ත්වය අනුව පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට හැකි වනුයේ අධිකරණ තීන්දුවකින් බවද ඔහු පවසා සිටියේය.
සභාපති තනතුරින් ඉවත් වීමට කටයුතු කළහොත් ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීම ක්‍රියාවලියට බාධාවිය හැකි බවට බොහෝ දෙනෙකු පෙන්වා දී තිබෙන බවද අද (22දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.
