සියඹලාපේ - දකුණ ප්රෙදේශයේ වගුරු බිමක තිබි හමුවු හිස හා අත්පා නැති නිරුවත් කන්තාවගේ ඝාතනයට සොයමින් සිටි ප්රධාන සැකකරු හා ඔහුගේ සගයා අද (02දා) පස්වරුවේ සපුගස්කන්ද පොලිස් ස්ථානයට පැමිණ භාර විය.
මේ සැකකරුවන් දෙදෙනා නිතීඥයින් සමග පොලිස් ස්ථානයට පැමිණ මෙසේ භාරවිණි.
එසේ භාරවුයේ පුධාන සැකකරු වන සියඹලාපේ - දකුණ , මාහේන පාර ප්ර දේශයේ පදිංචි බී.ජී.සුදීර ( 53 ) හා ඔහුගේ සගයා වන සියඹලාපේ - දකුණ , සමෘද්ධි මාවතේ පදිංචි ජී.ආර්. රෝහිත කුමාර ( 48 ) යන දෙදෙනා වෙති.
මේ අතර ඝාතනය සිද්ධියට සම්බන්ධ මෝටර් රථය ද නුවරඑළිය පුදේශයේ තිබි මහබාගේ පොලිසිය විසින් සොයා ගෙන එම මෝටර් රථය ද සපුගස්කන්ද පොලිස් ස්ථානයට අද ( 02 වැනිදා ) පස්වරුවේ භාර දී තිබේ.
මෙහිදි ඝාතනයට ලක් වුයේ අංගොඩ , රෝහල් පාර ප්ර දේශයේ පදිංචිව සිටි තමවිට ගුරුගේ ප්රදීපා සිල්වා නමැති පනස් දෙහැවිරිදි තිදරු මවකි.
මේ කාන්තාව ඉකුත් 27 වැනිදා උදැසන අංගොඩ , රෝහල් පාර ප්ර දේශයේ පිහිටි සිය නිවෙසින් වෙළෙඳ සැලට යන බවට පවසා යාමෙන් පසුව අතුරුදහන් වි තිබුණාය.
නමුත් ඊට පසුදින ( 28 වැනිදා ) පස්වරුවේ සියඹලාපේ - දකුණ පුදේශයේ වගුරු බිමක තිබි හිස හා අත්පා නැතිව මළ සිරුර හමුවු අතර පසුව ඇයගේ ඥාතීන් විසින් එම මළ සිරුර හදුනා ගනු ලැබීය.
මේ ඝාතනයෙන් පසුව ඇය සමග සමීප සම්බන්ධතාවක් පවත්වන ලද මෙම ප්රධාන සැකකරු අතුරුදහන් වී සිටි අතර ඔහුගේ සියඹලාපේ - දකුණ ප්ර දේශයේ පිහිටි දෙමහල් නිවෙසද වසා තිබිණි. .
පසුව මහර මහේස්ත්රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදයි වරෙන්තු මත එම නිවෙස පරික්ෂා කිරීමේදී නිවෙස පිටුපස කසල ගොඩක අර්ධ වශයෙන් පිළිස්සී තිබු ලේ පැල්ලම් සහිත රෙදි කැබලි, තන පටයක කොටසක් හා හිසකෙස් දැවටුන කොණ්ඩ කට්ටක් ද සොයා ගන්නා ලදී.
මේ කාන්තා මළ සිරුර එම නිවෙසට කිලෝ මීටරයක් පමණ දුරින්වු වගුරු බිමක හිමිවි ඇත.
මේ වනවිට මළ සිරුර රාගම මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙන අතර තවම පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන දිනයක් තීරණය කර නැත.