ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සති දෙකක කාලයක් පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවීම සිදුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හේතවෙන් මෙම තහනම පනවා ඇති අතර ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවද කථානායකවරයා පැවැසීය.
සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී 27/2 ප්රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ දී ඔහුගේ එම ලිපි ගොනුව උදුරා ගැනීමට සනත් නිශාන්ත මහතා කටයුතු කළේය.