අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා රජයෙන් ලබා දුන් සහනය සෘජුවම ජනතාවට ලබා ගැනීමේ අරමුණින් සහ ඇඳරිනීතිය ඉවත් කළ පසු ජනතාව නගරවලට එකතුවීම අවම කරගැනීමේ අරමුණින් ගම් මට්ටමින් සතොස වෙළෙදසැල්වල නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද වීරකැටිය මැදමුලන නිවෙසේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
සතොස අලෙවිසැල්වලින් සහන මිලකට අලෙවි කෙරෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගම්වල සිල්ලර භාණ්ඩ අලෙවි කරන තෝරාගත් නියෝජිත වෙළෙදසැල් හරහා මිලදී ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍යවරයා පවසයි.
සෑම ගමකටම මෙලෙස නියෝජිත වෙළෙදසැල් එකක් හෝ දෙකක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයිද මෙමඟින් අත්‍යාවශ්‍ය ආහාර පාලන මිලක් යටතේ ලබා ගැනීමටත් ඇඳිරි නීතිය ඉවත් කළ පසු නගරවල තදබදය අවම කරගැනීමටත් හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.
තවද මෙයට අමතරව ඇතැම් ගම්මානවල වැසී ගොස් ඇති සමූපකාර වල ප්‍රාදේශිකයන් වහාම විවෘත කිරීමට පියවර ගන්නා ලෙසට කොමසාරිස්වරයාට දැන්වූ බවද මෙම වෙළෙදසැල් හරහාද ජනතාවට සහන මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අනිෂා මානගේ