සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ප්රවාහන අංශයේ දිගින් දිගටම පාඩු ලබමින් පවතින අතර,ඉකුත් වසර 04 තුළ 2019 ජනවාරි 01වන දිනසිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ රුපියල් විසිහය කෝටි හැත්තෑ තුන්ලක්ෂ දාහතරදහස් නවසිය තිස්දෙකක (267,314,932) පාඩුවක් ලබා ඇති බවත් 2024-03-28 දින ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
2022 වර්ෂය තුළ පමණක් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ප්රවාහන අංශය ලබා ඇති අලාභය රුපියල් හත් කෝටි පනස්එක් ලක්ෂ හතළිස් තුන්දහස් හත්සිය අසූහතකි. (75,143,787) 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ සතොස ප්රවාහන අංශය ලබා ඇති අලාභය රුපියල් දෙකෝටි පනස් එක්ලක්ෂ විසිහතරදහස් නවසිය හතළිස් නවයකින් (25,124,949) වැඩි වී ඇත.
සතොස ප්රවාහන අංශය 2019 වර්ෂයේදී රුපියල් හය කෝටි අනූහත් ලක්ෂ හතළිස් දෙදහස් අටසිය හැටතුනක (69,742,863) අලාභයක් සහ 2020 වර්ෂයේදී හත්කෝටි විසිහතර ලක්ෂ නවදහස් හාරසිය හතළිස් හතරක (72,409,444) පාඩුවක් ලබා ඇති බව නිකුත් කරන ලද විගණන වාර්තාවේ සඳහන් වේ.
අරමුණු කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කර ගත යුතු බැව් විගණනය මගින් නිර්දේශ කොට ඇත. මේ සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට කිසිම පිළිතුරක් සපයා නොතිබූ බව විගණනය මගින් අනාවරණය කර ඇත.