සහතික මිලට වඩා අඩුවෙන් මිස වැඩි මිලට සහන් වෙළඳපොලේ විකිණීමට ඉඩ නොතබන බවත්, ඒ සඳහා තමාට සති දෙකක කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
“ අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන් කරා වී මිලදී ගන්න. මෑත ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩිම මුදල. ලංකාවේ සියලු වී තොග රැස් කරන්නන්, සහල් මෝල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් සියලු දෙනා ලියාපදිංචි වෙන්න ඕනී ආණ්ඩුවේ. ආණ්ඩුවේ ලියාපදිංචි නොවන කිසිවෙකුට මීට පස්සේ වී තොග එක්රැස් කරන්න බෑ, වී කොටන්න බෑ. තව සති දෙකක් දෙන්න මට. සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවේ වෙළඳපොලේ නෑ. ”