වගාවට හානි කරන රිලවුන්,වඳුරන්, මොණරුන් හා දඬු ලේනුන් පිළිබඳව සංගණන පත්‍රිකා ජනතාවට නොබෙදු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට, එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සඳහන් කළේය.
පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සත තිහක මුදලක් වැය වී තිබෙන බවත්, රජයේ මුදල් සමග සෙල්ලම් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඉඩ දිය නොහැකි බවද සරත් මහතා කීවේය.
පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ රිළවුන්,වඳුරන්, මොනරුන්, සහ දඬු ලේනුන් පිළිබඳව 15 වෙනිදා සංගණනය කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් සරත් මහතා ඒ බව සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිවාස නියෝජ්‍ය අමාත්‍ය සරත් මහතා මෙසේද කීවේය.
'' කෘෂිකර්ම පශු සම්පත් වාරිමාර්ග,ඉඩම් අමාත්‍යංශය මගින් තමයි මේ පත්‍රිකාව මුද්‍රණය කරලා බෙදා හැරියේ, එක් පත්‍රිකාවක් මුද්‍රණය කරන්න සත තිහක් වැය කරලා තියෙනවා, මේ පත්‍රිකාව මුදා හැරීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩ කරන ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,ගොවි නියාමකවරුන්, අපි භාවිතා කරා මේ පත්‍රිකාව ජනතාවට බෙදාහැරීමට.
නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ පත්‍රිකාව බෙදා හැරීයේ නැති, ඒවා ගෙවල්වල තියාගෙන සිටි රාජ්‍ය නිලධාරීන් ඉන්නවා කියලා මට වාර්තා වුණා. මේකට නිදහසට කරුණු කියන්න ඉතිරි කරන්නේ නෑ. මෙහෙම නිලධාරීන් අතලොස්සක් තමයි හිටියේ මම දිසාපති තුමාට කතාකරලා කිව්වා, ඒ නිලධාරින් පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන්න කියලා.
ඒ නිලධාරීන්ට රජයත් එක්ක සෙල්ලම් කරන්න ඉඩ තියන්නෑ, මේවට භාවිතා කළේ රජයේ මුදල්. රජයට සේවය කරන්න ඇවිත් පඩි ගන්නවා නම්, ජනතාවට සේවය කරන්න ඕනේ. යුක්තිය සාධාරණය ඉටු කරන්න ඕනේ, ඉතින් මේ සංගණන පත්‍රිකා බෙදා හරි නැතුව ගෙවල් වල තියා ගත්ත නිලධාරීන් පිළිබඳ ප්‍රාදේශීය ලේකම් මට්ටමින් වාර්තාවක් ලැබුණු වහාම රජයක් විදිහට අනිවාර්යයෙන්ම ඔවුන්ට විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්නවා"
මනම්පිටිය නිමල් ජයරත්න

