විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහාභාගිත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පාසැල් තුනකට සුහුරු පන්ති කාමර දීමට සුදානම් කර තිබු අතර මැතිවරණ කොමිසම මැදිහත්විමෙන් එම උත්සව තුන අවලංගු කර තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර සද්ධාතිස්ස ජාතික පාසැල,මඩවලලන්ද ජාතික පාසැල , සහ සේනාගම මහා විදුහලට මෙම සුහුරු පන්ති කාමර ලබාදිමට නියමිතව තිබූ අතර එම සුහුරු පන්ති කාමර සකස් කිරීමටද සමගි ජන බලවේගය විසින් කටයුතු කර ඇත.
මේ පිළිබඳව අම්පාර සහකාර මැතිවරණ කොමසාරිස් කසුන් ශ්‍රිනාත් අත්තනායක මහතාට පැමිණිලි කිහිපයක් ලැබී තිබුණු අතර පසුව ඔහු මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කර තිබේ.
එ අනුව මැතිවරණ කොමිසම මගින් මෙම උත්සව නවත්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දි ඇත. ඒ අනුව මෙම උත්සවය අවලංගු කර එම විදුහල් තුනේ සුහුරු පන්ති කාමරවල සවි කර තිබු උපකරණ සමගි ජන බලවේගය විසින් ඉවත් කරගෙන ගොස් තිබේ.