මිහින්තලේ විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලේ නාහිමියන් විසින් ඉතා සුහදව පිළිගෙන මෙවර පොසොන් උත්සවය සඳහා අවධානය යොමු කිරීම පිළිබඳව ස්තුතිය පල කලහ.
වැරදි පෙන්වා දෙමින් එය විවේචනය කරන විට රජය නෑසුණාසේ සිටින අවස්ථාවක, විපක්ෂ නායකවරයා විදියට අප නගන චෝදනා විද දරා ගෙන එය නිවැරදි කර ගැනීම සඳහාත් සංඝ රත්නයේ අනුශාසනා වලට සවන් දීම අගය කරන බව උන්වහන්සේ පැවසූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16දා) ඓතිහාසික මිහින්තලය රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැකීම සඳහා මිහින්තලය රජමහා විහාරස්ථානයට පැමිණි පොසොන් උත්සවය සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍ය ආධාර නාහිමිපාණන් වහන්සේ වෙත පිරිනමනු ලැබීය.
මෙහිදී විපක්ෂ නාහිමිපාණන් වහන්සේ විසින් විහාරස්ථානයෙහි සංවර්ධන කටයුතු සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් ඉවත් කිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කමල් ගුණරත්න, ඇතුළු රජය දැඩි ලෙස විවේචනය කලහ.
මිහින්තලේ රජ මහා විහාරස්ථානයේ මැද මළුවේ ඉදිකිරිමින් පවතින කුඩා මුළුතැන් ගෙයක් රජය විසින් එහි වැඩ අවසන් කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් නැගනු ප්‍රශ්නයක් අනුව එය නිරීක්ෂණය කිරීමටද විපක්ෂ නායකවරයා නායක හිමියන් සමග එක් වූහ.
මේ මිහින්තලා පුද බිමට මේ සිදු වන අකටයුත්ත ඇත්ත වශයෙන්ම රාජ්‍ය කේන්ද්‍රීය ආක්‍රමිකතාවයක් බවත් හිතා මතාම රජය සිද්ධ කරන්නේ ඉතා අසික්කිත ක්‍රියාවක් බවත් මේවගේ අකටයුතුකම් කිරීම ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බොහොම පැහැදිලිව බුද්ධාගමට, අනෙකුත් ආගම්වලට ලබා දිය යුතු ස්ථාවරය පිළිබඳව බොහොම පැහැදිලිව සඳහන් වන බවය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය.
"සැබෑ බෞද්ධයින් හැටියට අතිශයින්ම දුකට පත්වෙනවා පන්න පන්න, අපේ මිහින්තලේ නායක හාමුදුරුවන්ගෙන් පළි ගැනීමක් හැටියට මේ පොසොන් පින්කම් කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් ලබා නොදීම එය අතිශයින්ම, සෝචනීයයි. කණගාටුදායකයි.
අපේ හාමුදුරුවන්ට මම ප්‍රකාශ කරපු ආකාරයට උපරිම තව මාස පහක් ඉවසන්න කියන කාරණාව නියත වශයෙන්ම කියනවා. තිබුනටත් වැඩිය හොඳින්, අපි මේ මිහින්තලේ උතුම් පූජනීය සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කරන්න, ආරක්ෂා කරන්න ඇප කැප වෙනවා.
විශේෂයෙන්ම අපේ මූලික ගුණාංගය වෙලා තියෙන්නේ පුරුදු විදිහට විපක්ෂයක වැඩ කටයුතු කිරීම නොව, විපක්ෂයටත් තියෙනවා යම් කාර්යභාරයක් ඉෂ්ට කරන්න. රටට විදුලිය කප්පාදු කරා කියලා නායක හිමිපාණන් ප්‍රකාශ කරද්දී, අපි ලක්ෂ 41 කට ආසන්න මුදලක් පරිත්‍යාග කරලා ඒ විදුලිය ලබා දුන්නා.
ඒ වගේම ලක්ෂ 30ක් වියදම් කරලා මූලිකව අපි සෝලා විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කරාා. එහි වැඩ කටයුතු තව කරන්න තියෙනවා
අද දිනයේ අපේ දානපති සංවිධායකවරයෙක් හිරියාල ආසනයේ ප්‍රධාන සංවිධායකතුමා රුපියල් ලක්ෂ දහයක පරිත්‍යාගයක් පොසොන් පින්කමට සිද්ධ කලා මාගේ ඉල්ලීමට අනුව.
මේ ආකාරයට හැකි පුළුවන් විදියෙන් අපි උදව් කරනවා. මෙම වැඩ සටහන් කර ගෙන යන අධ්‍යාපන, සෞඛ්‍යය වැඩ සටහන්ද අතරතුර සිද්ධ කරනවා. නමුත් ප්‍රායෝගික බෞද්ධයෙක් හැටියට මම විශ්වාස කරනවා බෞද්ධකම අපේ කතාවට විතරක් සීමා කරල හරියන්නෑ ප්‍රායොගිකව අපි අපේ ආගමික සිද්ධස්ථාන රැක ගන්න, ආරක්ෂා කරන්න, ගොඩ නගන්න කටයුතු කරන්නට ඕන.
විශේෂයෙන් මිහින්තලා පුද බිම සෑම බෞද්ධයෙකුටම අති වැදගත් ස්ථානයක්, මෙවන් ස්ථානයක් දේශපාලන පලි ගැනීමකට, පැති කඩ ගණනාවකින්ම ලක්වීම මං හිතන්නේ ඒක අතිශයින්ම ශෝචනීය කාරණාවක්.
ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අවවාද අනු ශාසනා කරන කොට අහගෙන ඉගෙන ගන්න, ඒවායින් ගත යුතු දේ ගන්නටත් කටයුතු කරන්න කියා, මගේ පියා කියා තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපේ නායක හාමුදුරුවෝ අවවාද අනුශාසනා කරපු හැම අවස්ථාවකදීම අපි හික්මීමෙන් එයට සවන් දීලා අවවාද අනු ශාසනා පිළි අරගෙන අපේ යන ගමනේ යම් පැත්තක් තියෙනවා නම් ඒක ප්‍රවර්ධනය කරලා, අපේ යම් අඩුපාඩු විෂමතාවයන් තිබෙනවා නම් ඒවා ඉවත් කර ගන්න කියලා,
අපේ නායක හිමිපාණන් හිතේ තරහක් තියා ගෙන නෙමේ කතා කරන්නේ, අවංක භාවය වැඩිකමට එය අදහස් ඉදිරිපත් කරනවා ඒ නිසා හැම විටම, මම නායක හිමිපාණන්ගේ අවවාද අනුශාසනා ඒ ගත යුතු ආකාරයට මහා සංඝරත්නය ඇතුළු අනිකුත් ආගමික නායකයන්ගේ ඉදිරිපත් කරන යෝජනා හොඳට සවන් දීලා අපි හරි ගමනක් යන්න හැම විටම කටයුතු කරනවා.
විශේෂයෙන්ම මේ සතියේ පාර්ලිමේන්තුවේදී මේ ප්රශ්නය මම මතු කරනවා. සමහර විට සමහර අය කෑ ගහන්න ඉඩ තියෙනවා. මම ඒකට බය නැහැ. .
හිතාමතාම අපේ නායක හිමිපාණන්ගේ අනුශාසනා සම්බන්ධයෙන් කිපිලා පළි ගැනීම්වලට ලක් කිරිම මම නම් තරයේ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම අඩුම ගානේ අගහරුවාදා දිනයේදීවත්, පාර්ලිමේන්තුවේ මේ අදහස් ඉදිරිපත් කිරීමෙන් පස්සේ මේ මිහින්තලා පුද බිමේ සිද්ධ වෙන උතුම් ක්‍රියාදාමය සාර්ථක කරන්න, ඒ හිටපු ආරක්ෂක නිලධාරීන් 250 යළි ලබා දීලා මහා සංඝරත්නය, දායක සභාව ඇතුළු බැතිමතුන් අපහසුතාවයට ලක් කරන්නේ නැතිව, ඒ වගේ පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්න සිත් පිත් පහල වේවායි කියලා මම විශ්වාස කරනවා. මේක ලක්ෂ ගණන් බැතිමතුන් එන අවස්ථාවක් , වෙනදා ඒ බැතිමතුන්ට ලැබුණු සත්කාර කිසිවක් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බොහොම අසික්ඛිත පහක් නින්දිත ක්‍රියාවක්."