ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන කථානායකවරයකු සභාපතිත්වය දරන සභාවක සිටීමෙන් පලක් තිබේද යන්න සිතා බැලිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නොමැතිව නීති විරෝධීව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් අද (29දා) බිංගිරිය ප්‍රදේශයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"මට අහන්න තියෙන ප්රශ්නය තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වැඩක් තියෙනවාද? මේ රටේ උත්තරීතර නීතියෙන් වැඩක් තියෙනවාද? මේක අනුගමනය කරන්නේ නෑනේ. මේක සම්පූර්ණයෙන්ම අමු අමුවේ මහ දවල් උල්ලංඝනය කරනවානේ. එහෙම කරන්න පුළුවන්ද? එහෙනම් අපිට නිගමනයකට එන්න සිදු වෙනවා රටේ ක්‍රියාත්මක වෙන්නේ නීතිය නෙවෙයි අවනීතිය කියලා. ලොකුම ප්රශ්නය තමයි පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කථානායකවරයාත් පිළිගන්නේ නෑ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඔහු පිළිගන්නේ ඔහු සිතින් මවා ගත්ත ඔහුගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
මොකක්ද ඒ සංඥාව? රටේ ප්රජාතන්ත්රවාදය අවසන් කියන සංඥාව තමයි ඒ දෙන්නේ. මේ කථානායකවරයා බොරු කියලා මුළු රටම රවට්ටලා, මේ වැරදි ක්‍රියාව ක්‍රියාත්මක කරලා තියෙන්නේ. නිවැරදි ආකාරයට පොලිස්පති ස්ථිර වුණා නම් අපිට ප්‍රශ්නයක් නෑ. ක්‍රමය නිවැරදි වෙන්න ඕනෑ. ඒ නිසා මම පැහැදිලිව කියන්න ඕනෑ අද මේ රටේ මහා භයංකාර තත්ත්වයක් තියෙන්නේ. කථානායකවරයාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එහි වගන්ති අමු අමුවේ මහදවල් උල්ලංඝනය කරන මොහොතක අපිටත් දැන් හිතලා බලන්න වෙනවා මේ අනීතික ක්රියාවේ නියැලෙන කථානායකවරයෙක් ඉන්න සභාවක ඉඳීමෙන් පලක් තිබෙනවාද කියලා"