විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ කනිෂ්ඨ විද්‍යාලයට පරිත්‍යාග කරන ලද රුපියල් ලක්ෂයක (100000/=) මුදල කාර්යාලය බිඳ සොරාගෙන ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
ඉකුත් 23 වෙනි දින විපක්ෂ නායකවරයා සක්වල වැඩසටහන යටතේ එම විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී මෙම මුදල පරිත්‍යාග කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
කාර්යාලයේ ඉදිරිපස දොර කඩා ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු එහි තිබූ සියලුම කබඩ් වල දොරවල් කඩා අනතුරුව පරිත්‍යාග කර තිබූ මෙම මුදල් සොරාගෙන ගොස් ඇති බව විදුහල්පතිනි එච් එන් ගීතා කුමාරි මහත්මිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
ඊයේ (25) සිසු දරු දැරියන් සමඟ පන්ති කාමර සැකසීම සඳහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී කාර්යාලයේ දොර කඩා තිබෙන අන්දම දැක ඇතැයි පොලිසිය සඳහන් කරයි. අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.