ඉදිරි දින කිහිපය තුළදී සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් හමුවන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එහිදී මෙරට මව්වරු සහ ළමුන් මන්දපෝෂණ තත්ත්වයෙන් මුදවා ගැනීමට ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කරන බව සක්වල වැඩසටහ යටතේ 120 වැනි සුහුරු පන්තිකාමරයක් ලබා දීමේ අවස්ථාවට අද (12දා) එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"ඉදිරි දින කිහිපය තුළ අපිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් හමුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් වලට අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ රටේ ළමා, ලදරු සහ මාතෘ මන්දපෝෂණය ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන කාරණවක්. 2022දී කරපු සංගණකදී වයස අවුරුදු 6-18ත් අතර දරුවන්ගෙන් 25%ක් අපේ රටේ ඉන්නේ අඩු බර දරුවන්. තවත් සංඛ්‍යා ලේකන ගණනාවක් තියෙනවා. රටේ මන්දපෝෂණය වර්ධනය වෙමින් තිබෙනවා. මව්වරුන් සහ ලදරුවන් අවධානම් කොට්ඨාසයක් විදියට මේ මන්දපෝෂණ තත්ත්වය නිසා දුක් වද හිංසා විඳිනවා.
අපි අයි.එම්.එෆ් එකට යෝජනා කරනවා වහාම මේ රටේ මව්වරුන්ගේ, ලදරුවන්ගේ, පාසල් දරුවන්ගේ මේ මන්දපෝෂණ තත්ත්වය මගහරවා ගන්නට අපිට විශේෂිත වු අයි.එම්.එෆ් ආදාරන වැඩසටනක් අත්‍යාවශ්‍යයි. ඒ අධාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අයි.එම්.එෆ් ආයතනයත්, ලෝක බැංකු ආයතනයත්, ආසියානු සංවර්ධ බැංකු ආයතනයත්, අනෙකුත් ජාත්‍යන්ර මූල්‍ය ආයතනත් එකට එකතුවෙලා මේ රටේ මව්පරපුර, දරුපරපුර මේ අධි මන්දපෝෂණ තත්ත්වයෙන් මුදවා ගන්නට විශේෂිත වූ වැඩසටහනක් අවශ්‍ය බව සඳහන් කරන යෝජනාව අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා."