සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාත් අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා සමගි ජන බලවේගය දින කීපයක් අද (19)යෝජනා කරමින් ජාතික ජන බලවේගයට ඒ පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
ඒ අනුව ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27 -31 අතර දිනයකදිද, පක්ෂ නායකයින් දෙදෙනා අතර විවාදය 2024 ජුනි මස 03 -- 07 අතර දිනවලදිද පැවැත්විය හැකි බව සමගි ජන බලවේගය දැනුම් දි තිබේ.
සමගි ජන බලවේගයෙන් මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම ලිපිය යොමු කර තිබේ.
මේ අතර ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගයට ඒ සදහා ලබා දී තිබූ දින හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.