සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් බව එම බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ අනුව ජූනි 6 වෙනිදා නායකයන් අතර විවාදය පැවැත්විය හැකි බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක දී ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇති පසුබිමක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර ආර්ථිකය පිළිබඳව විවාදයක් පැවැත්වීම සුදුසු බව ද ජයතිස්ස මහතා සඳහන් කළේය. සමගි ජනබලවේගය විසින් ජාතික ජනබලවේගය වෙත ලිපියක් යොමු කරමින් විවාදය සඳහා දින ලබාදී ඇත.