සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධාන රජයක් යටතේ රාජ්‍ය සේවක වැටුප, ජීවන වියදම් දීමනාව ඇතුළුව අවම වශයෙන් 24%කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
කොළඹ සමගි ජන සන්ධාන කාර්යාලයේ ඊයේ (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අපි බලාපොරොත්තු වෙනවා අපේ රජය අනිවාර්යෙන්ම රජයේ සේවකයාගේ ජීවන වියදම අවම වශයෙන් රුපියල් 25,000ක් ලබා දෙන්න. ඒ වගේම අපේ රජය යටතේ රාජ්‍ය සේවයේ දීමනා සමග අවම වැටුප රුපියල් 57,500ක් දක්වා වැඩි කරන්න කටයුතු කරනවා.
ඒ වගේම මේක රජයේ වැටුප් වර්ධක සමග ගළපන්නත් කටයුතු කරනවා. ඒ වගේම රජයේ සේවයේ සමහර අය අද කලකිරීමට පත්වෙලා තියෙනවා. අපි රාජ්‍ය සේවය බලාපොරොත්තු වෙනවා කාර්යක්ෂමතාවය පදනම් කරගෙන රජයේ සේවකයාගේ උසස්වීමේ ක්‍රමවේදයක් ලබා දීමට.
අපි පැහැදිලිව කියලා තියෙනවා ජීවන වියදම අනුව අවම වශයෙන් 24%ක ප්‍රතිශතයකින් වැඩිවීමක් සිදු කරන්නේ. ඉදිරියේදී තවත් වැඩි වෙයි.”