සමගි ජන බලවේගයේ නම් කිරීමට නියමිතව තිබූ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර සඳහා සිව් දෙනෙකු නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාවය ලිපියක් යොමු කර තිබේ.
ඒ අනුව මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර් සහ මුත්තූර් මොහොමඩ් යන මහත්වරුන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්රී ධුර 5ක් හිමි වූ අතර, මීට පෙර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉන් එක් මන්ත්රී ධුරයක් සඳහා නම් කරනු ලැබිණි.