ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සැලිකියයුතු ලෙස පහළ යෑමක් පෙන්නුම් කරයි.
ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 47 293ක් පැමිණ ඇති අතර අගෝස්තු මාසයේදී එම සංඛ්‍යාව 37760ක් දක්වා සියයට 20කින් පමණ පහළ ගොස් තිබේ.
ශ්‍රි ලංකාවට මේ වසරේ අගොස්තු මාසය අවසානය තෙක් සංචාරකයන් 496 420ක් පැමිණ තිබේ. මෙම වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියනයක ඉලක්කයක් අපේක්ෂා කරන අතර එය සම්පූර්ණ කිරීම සඳහා තවත් මාස හතරක කාලයක් තුළ සංචාරකයන් ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතු වෙයි.
අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ පිළිවෙළින් එංගලන්තය, ඉන්දියාව හා ජර්මනියෙනි.