ගෙවී ගිය 2023 වසරේදී මෙරටට විදේස් සංචාරකයන් 1,487, 303 කු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
2023 වසරේදී මෙරටට විදෙස් සංචාරකයන් මිලියන 1.5ක් ගෙන්වා ගැනීමට ඉලක්කයක් ලබාදී තිබුණි.
2023 වසරේ දෙසැම්බර් මස පමණක් මෙරටට විදෙස් සංචාරකයන් 210,352 කු පැමිණ ඇති බවත්, එය ඉකුත් වසරේ මසක් තුල මෙරටට පැමිණි වැඩිම සංචාරකයන්ගේ සංඛ්‍යාව බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශාන් හුලංනුගේ