ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බලන්ගොඩ ආසනයේ සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ෂාන් විජයලාල් ද සිල්වා මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ඒ මහතා පවසයි.
පෞද්ගලික හේතුවක්මත ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව සමගි ජනබ්ලවේගයේ මහලේකම්වරයා වෙත දැනුම් දුන් බවද ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.
මැතිවරණයට තරඟ නොකළද තමන් ඉදිරියටත් දේශපාලනයෙන් සමුනොගන්නා බවත්,ඉදිරියටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවන බවත්,සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් ෂාන් විජයලාල් සිල්වා මහතා පවසයි.
ෂාන් විජයලාල්ද සිල්වා මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරි පත්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙසත්,කටයුතු කළ ඒ මහතා පසුව එම පක්ෂය අතහැර සමගි ජනබලවේගයට එකතුවිය.
ඔහු දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තෙවරක්ම කටයුතුකළ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර