අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ස්වාභාවිකව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහුගේ ජීවිතය අනතුරේ බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතාට සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ශානි අබේසේකර මහතාගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙසයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ශානි අබේසේකර මහතා ඝාතනය කිරීමට සූදානමක් ඇති බවට කළ ප්‍රකාශය අසත්‍ය බවයි.