පාස්කු ප්‍රහාරයේ වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රහස් පොලීසියේ හිටපු අධක්ෂක ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් 19 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
රහස් පොලිසිය හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කළ පෙතසමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලීසියේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගත් බවට චෝදනා කරමින් තමන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියය සුදානම් වන බව තමන්ට දැනෙන්නට ලැබී ඇතැයි දැනුම දුන් ශානී අබේසේකර මහතා එලෙස තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම කැඳවු අවස්ථාවේ ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීමට තීරණයය කළ විනිසුරු මඩුල්ල පෙත්සම ඔක්තෝබර් 19 වැනිදා කැඳවීමට නියම කළේය.