රිය අනතුරක් කර තමන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති හෙයින් තම ආරක්ෂාව වැඩිකරන්නැයි ඉල්ලා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඒ මහතා විසින්ම අද (12) ඉල්ලා අස් කර ගන්නා ලදී.
දැනට දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් බවට ශානි අබේසේකර මහතා සෑහීමට පත්වීම හේතූවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවු අවස්ථාවේදී පෙත්සම ඉල්ලා අස්කර ගත්තේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් වන යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ගොනු කර පෙත්සමේ වගඋතකරුවන් වශයෙන් රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
රිය අනතූරක් කර තමා මරා දැමීමට කුමන්ත්‍රණයක් ඇති බැවින් තමන්ට දී ඇති ආරක්ෂාව වැඩි කරන්නනැයි ඉල්ලා රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහන්ත අබේසුරිය මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර ශානි අබේසේකර මහතාගේ ආරක්ෂක තත්ත්ව පිළිබඳ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සුදුසු ආරක්ෂාවක් ඔහුට ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි පැවසීය.
ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසුරිය මහතා කරුණු දක්වමින් මේ වන විට තම සේවාදායකයාට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳ ඔහු සෑහීමට පත්වන හෙයින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල පෙස්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.
සචිත්ර ගුණසේකර