මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයකු බව කියන ඕමිටියාවත්තේ කිරියා නැමැත්තා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු තවත් පුද්ගලයෙකුට හෙරොයින් මත්කුඩු තොගයක් ලබාදීමට යාමේදී මතුගම සොල්දරකඩේ ප්රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්රෑම් 10 ක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම් සදහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඊසි කැස් ක්රමයට හෙරොයින් මත්කුඩු ජාවාරම කරගෙන ගොස් ඇති සැකකරු, ජාවාරම් මුදල් බෝපිටියේ ඉබ්බා නැමැති ජාවාරම්කරුගේ ගිණුමට බැරකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරු මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය