තමා අද(09දා) සිට අමාත්‍ය ධුරයේ කටයුතු නොකර බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
සමගි ජන බලවේගය මනූෂ නානායක්කාර මහතාගේ සහ හරීන් ප්‍රනාන්දු මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීම නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන් තීරණයත් සමග ඔහු මේ බව සඳහන් කළේය.
අධිකරණයෙන් මගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා. කමක් නෑ. සමගි ජන බලවේගයට ඕනී වුණේ ඒ අයට දිනන්නනේ. ඒ අයගේ පක්ෂ නීතිය හරි. ඉතින් අද ඉදලා මම අමාත්‍ය ධුරයේ වැඩ කරන්නේ නෑ. අමාත්‍ය ධුරයේ වැඩ කරන්න බෑනේ.