ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම වෙනුවෙන් සමාගම් හයක් අභිලාෂ ඉදිරිපත් කර තිබේ. මේ අතරින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ගුවන් සේවාවක් වන ෆිට්ස් එයාර් සමාගම මෙන්ම ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සභාපතිත්වය දරණ හේලීස් සමාගමද වෙයි.
එසේම මැලේසියාවේ එයාර් ඒෂියා සමාගමද මේ වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඊට අමතරව තමිල්නාඩුවේ Sherisha Technologies Private Limited, රජය විසින් විකුණාදමන ව්‍යාපාර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද Treasure Republic Guardians Limited හා Dharshaan Elite Investment Holding (Pvt) Ltd යන සමාගම් ශ්‍රී ලන්කන් මිලදී ගැනීම වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලන්කන් මිලදී ගැනීම වෙනුවෙන් අභිලාෂ කැඳවීම අද (22දා) අවසන් විය.