ශ්‍රී ලංකාවේ පළමු කළු දිලීර ආසාදන මරණය ගාල්ල කරාපිටිය රෝහලින් වාර්තා වි තිබේ.කළු දිලීර ආසාදනය කොවිඩ් නියුමෝනියාව සම්බන්ධ සංකූලතාවයකි.
කොවිඩ්නි ව්මෝනියාව වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා මෙම රෝගියා මිය ගොස් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර මහතා පැවසීය.
මියගිය පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත එදිනම යොමු කළ බවත් ඊයේ (21) ලැබුණු පරීක්ෂණ වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ පෙනහළු ආශ්‍රිතව කළු දිලීර ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත්, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
එසේ මියගිය පුද්ගලයා ඇල්පිටිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 56 හැවිරිදි අයෙකි.