නව කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව අද දිනයේදී 15000 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකාවෙන් මේ වන විට කෝවිඩ් මරණ 15 019ක් වාර්තා වී තිබේ. ඒ අද දිනයේදි තවත් මරණ 24ක් වාර්තා වීමත් සමගිනි.
මෙම මරණ 24 ඊයේ (01දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30-59 අතර මරණ 11 හා අවුරුදු 60ට වැඩි මරණ 13ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. පිරිමි 20ක් හා කාන්තාවන් 04ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.