මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ප්‍රංශයේ පැරිස් නුවරදී සිය ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් මෙලෙස අවසන් එකඟතාවට පැමිණ තිබේ.
නිල ණයහිමි රටවල කමිටුව නියෝජනය කරමින් එහි සම සභාපතිත්වය දරන ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය එම අවස්ථාවට සහභාගී විය.
ණය අර්බුදයට විසඳුමක් සෙවීමට සහ මෙම වැදගත් සන්ධිස්ථානය සාක්ෂාත් කරගැනීමට කමිටු ලේකම් කාර්යාලයේ කැපවීම පිළිබඳ ප්‍රසංශා එක් කරන අතර මෙම ක්‍රියාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වය දුන් නිල ණයකරුවන්ගේ කමිටුවේ සභාපතිවරුන් වන ප්‍රංශය, ඉන්දියාව, ජපානයට සහ චීනයේ අපනයන ආනයන බැංකුවට මෙන්ම ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සඳහා නිල ණයකරුවන්ගේ කමිටු සාමාජිකයින්ට අවංකවම ස්තූති පළ කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
මෙම සන්ධිස්ථානය කරා ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නොසැලෙන කැපවීම සහ නායකත්වය ඉවහල් වූ බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා තව දුරටත් අවධාරණය කර සිටියේය.