උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනපති ඊබුහිම් රසික් මහහතා සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (24) සවස ජනපති කාර්යායේදී සිදුවුනා. දෙරට නායකයන් අතර සුහද කථාබහකින් අනතුරුව ද්වීපාශර්වික සාකච්ා හා අවබොධතා ගිවිසුම් 5කට ඒහිදී අත්සන් තැබුනා.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය හා ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අත්සන් තැබූ අතර ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) මහතා අත්සන් තැබීය.
ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික හා ඉස්ලාමීය මාර්ගෝපදේශන අමාත්‍යාංශය අතර සිනමා කර්මාන්තයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබූණු අතර ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) මහතා ඊට අත්සන් තැබීය.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ඉරාන ඉස්ලාම් ජනරජය වෙනුවෙන් ඉරානයේ බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මෙරහබීන් ( Ali Akbar Mehra Biyan) මහතා ඊට අත්සන් තැබීය.
ශ්‍රී ලංකාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික සහයෝගිතා, ජනමාධ්‍ය, තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අත්සන් තැබූ අතර ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) මහතා අත්සන් තැබීය.
ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපති ජී.වී. සරත් වීරසිරි මහතා සහ ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) මහතා ඊට අත්සන් තැබීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය