පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවිඩයක් ලෙස ව්‍යාජ සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරා ගැනීමේ ජාවාරමක් අණාවරණය වී ඇතැයි තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා පවසයි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තැපෑල, SL POST, Sri Lanka Post ආදී නම් යොදා ගනිමින් ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්රමිකව අවභාවිත කරමින් මෙම දත්ත ජාවාරම ක්‍රියාත්මක කරන බවද තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන බවත් ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිඳු ගනුදෙනුවක් සිදු නොකරන බවද ඔහු පවසයි.
මහජනතාව වෙත ලැබෙන කෙටි පණිවිඩයක් සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවිඩයක් මගින් හෝ වෙනත් කිසිඳු ආකාරයකින් ලබාදීම සිදු නොකරන ලෙස ඉල්ලීමක් කරන බවද තැපල්පතිවරයා පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ උපකාරක සේවාව වන 1950, තොරතුරු තාක්ෂණ අංක 011-2542104, 011-2334728, 011-2335978, 011-2687229, 011-2330072 යන අංක අමතා ලබාගත් ගත හැකි බවද තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසයි.