ශ්රී ලංකා ජාතික පිරිමි ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකාර ධුරය දැරූ ක්රිස් සිල්වර්වුඩ් මහතා අද (27) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්රිකට් ආයතනය වෙත ලබාදී ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ක්රිකට් ආයතනය නිවේදනය කළේ ක්රිස් සිල්වර්ඩුඩ් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
2022 වසරේ මැයි මාසයේ සිට ක්රිස් සිල්වර්වුඩ් මහතා ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණි.