කටුනායක ගුවන් තොටුපොළේ සිට ගුවන් යානය වෙතත් , ගුවන් යානයේ සිට ගුවන් තොටුපොළ වෙතත් ගුවන් මගීන් ප්‍රවාහනය කිරීම සදහා නවීනතම බස් රථ තුනක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භූමි පාලන අංශයට පවරා දීමේ උත්සවයක් ඊයේ(10දා) ශ්‍රී ලන්කන් ගුවන් යානා පරිශ්‍රයේ දී පැවැත්විණ .
වසර 05 ක පමණ කාලයක සිට දැඩි අවශ්‍යතාවක් බවට පත්ව තිබූ බස් රථ ඊයේ(10දා) සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවයට එක් කර තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ අවශ්‍යතාවලටම පමණක් ගැලපෙන පරිදි එහි ගුවන් මගී සේවා කවුළු සහ ආගමන විගමන කවුළුවලට 100% ක් ම ගැලපෙන ආකාරයට මීටර් 14 ක් දිගකින් සහ මීටර් 2.7 ක පළලකින් යුතු මෙම බස් රථ චීනයේ චයිනා ඉන්ටර්නැෂනල් මරීන් කන්ටේනර් සමාගම විසින් නිෂ්පාදනය කර තිබේ .
අශ්ව බල 4,500 ඇන්ජින් ධාරිතාවකින් යුතු මෙම බස් රථවල වායුසමන පද්ධතිය සඳහා වෙනම ඇන්ජිමක් ද පවතී . ගුවන් මගීන් 77 ක් සදහා ගමන් කිරීමේ පහසුකම් ඇති මෙම බස් රථ තුළ එහි රියැදුරුවරයාට සහ ඒ තුළ ගමන් ගන්නා මගීන්ට එකිනෙකට සන්නිවේදන සම්බන්ධතා ඇති කර ගැනීමේ පහසුකම් තිබේ . ඊට අමතරව ආබාධිත ගුවන් මගීන් සඳහා තමන් ගමන් කරන රෝද පුටු ද මෙම බස් රථය තුළට ඇතුළු කර ගැනීමේ පහසුකම් සලසා තිබේ .