2024-2025 ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම, රැගෙන යාම සහ දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවිය සපුරා තහනම් කිරිමට ශ්‍රි පාද කම්ටු රැස්විමේදි (05) දින තිරණය කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.
2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු සහ රත්නපුර දිසා සංඝ නායක, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ සහභාගිත්වයෙන් සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් (05) දින පස්වරුවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල රැස්විම් ශාලාවේ පැවති කමිටු රැස්විමේදි මෙම තිරණය ගැණින.
මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සීත ගගුලේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ධර්ම සුගන්දය මනුසත් සුභ සාධක පදනම මගින් විශාම පිරිවැයක් දරා වන්දනාකරුවන්ට නොමිලේ පානිය ජලය ලබාදිමට අවශ්‍ය කටයුතු මේ වන විට ගෙන ඇති බවත්, සීත ගගුලේ සිට ඉදිකටුපහණ දක්වා යොදා ඇති ජල නල සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ වන විට කඩා විනාශ කර ඇති බව එම පදනමේ නිලධාරින් විසින් මෙම රැස්විමේදි පැවසිය.
එම මාර්ගයේ පානිය ජල බෝතල් අලෙවි කරන ඇතැම් වෙලදසැල් හිමියන් විසින් මෙම ක්‍රියාව සිදු කරන බවට නැගුණු චෝදනාවක් මත නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවිය, රැගෙන යාම තහනම් කල අතර, එම තිරණයට පටහැනිව කටයුතු කරන වෙලදසැල් වල බලපත්‍ර අවලංගු කිරිමට තිරණය කෙරිණ.
මේ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ සහ මස්කෙලිය ප්‍රාදේශිය සභාව විසින් අධික්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
මේ අතර 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ලබන මස (14) දිනට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත්, අවාරයේ පැලමඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ (12) දින පිටතට වඩමම්මවා එදින විශේෂ ආගමික වාතවන් සහ දේව පුජාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (13) දින අලුයම රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා එක් පෙරහැරක්, රත්නපුර පලාබද්දල මාර්ගයේ එක් පෙරහැරක්, තවත් පෙරහැරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ සහ අනෙක් පෙරහැර බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේ වැඩම කිරිමට නියමිතය බවයි ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු සහ රත්නපුර දිසා සංඝ නායක, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.
මාර්ග හතරක් ඔස්සේ වැඩම කරන සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ (14) දින ශ්‍රි පාද උඩ මළුව වෙත වැඩම විමෙන් අනතුරුව ශ්‍රි පාද පත්මය සුවද පැණින් දෝවනය කිරිමෙන් අනතුරුව පැවැත්වෙන ආගමික චාරිත්‍ර ගණනාවකින් පසු 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බව උන් වහන්සේ පැවසිය.
මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රි පාදස්ථාන පුජනිය ස්ථානයක් ලෙස සලකා පරිසරය ආරක්ෂා කර ගනිමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසට උන් වහන්සේ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිහ.
2024-2025 ශ්‍රි පාද වන්දනා වාරයේදි හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති බවත්, නල්ලතන්නිය පොලිසියට අමතරව ශ්‍රි පාද මාර්ගයේ ගගුලතැන්න , රතු අම්බලම සහ සීතගගුල පොලිස් මුරපොලවල් ස්ථාපනය කර ඇති බවත්, මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේදි සහ වන්දනාකරුවන් පැමිණෙන සියළුම මාර්ග ඔස්සේ පොලිස් සුනඛ අංශයේ සහය ඇතිව පරික්ෂා කිරිමටත් , එසේ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා පැවසිය.
දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිමට දුම්රිය ලංගම ඒකාබද්ධ සේවයක් ආරම්භ කර ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ සහ හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින් පැවසිය.
ඊට අමතරව පෞද්ගලික බස් රථ කිහිපයක්ද ධාවනයට එක් කරන බවයි කමිටු රැස්විමට එක් වු හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන් කියා සිටියේ.
මෙම සාකච්ඡාවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතරා ගමගේ මහත්මිය, හැටන් පොලිස් කොට්ඨාශයේ සියළුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසක් සහභාගි විය.