ශ්‍රී පාදය වන්දනා කිරීමට යන කෝඩු වන්දනාකරුවන්ගේ චාරිත්‍ර ඉටු කිරීමට එම වන්දනා නඩවල පිරිස් කටයුතු කිරීමෙන් අනතුරුව එම චාරිත්‍ර ඉටු කිරීමට භාවිතා කරනු ලබන ද්‍රව්‍ය අති සංවේදී සමනල පරිසර පද්ධතියට බැහැර කිරීම හේතුවෙන් දැඩි පාරිසරික ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි පරිසරවේදීහු පවසති.
සිරිපා වන්දනාවේ යෙදෙන කෝඩු බැතිමතුන් කෝඩු චාරිත්‍රයක් ලෙස සීත ගඟුල ආශ්‍රිතව දෙහි ඇඟ ගල්වා ගෙන පිරිසිදු වී පඬුරක් ගැට ගසා සුමන සමන් දෙවියන් හට කෝඩු භාර කිරීමෙන් අනතුරුව, එම දෙහි ලෙලි ජලයට දැමීම හේතුවෙන් පාරිසරික ගැටලු මතුව ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
එම ජලයේ වෙසෙන ලොකු කුඩා ජලඡ ජීවීන්ට මෙන්ම විවිධ ඡලජ පැළෑටි වලට මෙසේ ඉවතලන දෙහි ලෙලි හේතුවෙන් දැඩි හානියක් සිදු වෙමින් පවතින බවත්, දිනකට විශාල ලෙස මෙසේ පාවිච්චි කරන ලද දෙහි ලෙලි ජලයේ පාවෙමින් ගලා ගෙන යන බවද ඔවුහු කියති.
මෙසේ ජලයට මුදා හරින දෙහි ලෙලි ජලයේ පල්වීමෙන් දුර්ගන්දයක් මෙන්ම අතිශය පිරිසිදු ජල දහරාවන් අපවිත්‍ර වන බවත්, දෙහි යුෂ තවරා පිරිසිදු වීමෙන් අනතුරුව එම දෙහි ලෙලි ජලයට මුසු නොකර නිසි ලෙස පරිසරයට හානියක් නොවන ආකාරයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් විසින් සිදු කරන්නේ නම් එය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට ඉවහල් වනු ඇති බවද පරිසරවේදීහු වැඩිදුරටත් පවසති.
ශාන් හුලංනුගේ



