ශ්රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් 19දා පස්වරුවේ ශ්රීපාද මළුවේ සිට රත්නපුර ප්රදේශයේ ප්රපාතයට පැන ඇති බව ශ්රී පාද උඩමළුව පොලිසිය පවසයි.
මෙලෙස පැන ඇත්තේ, හම්බන්තොට සූරියවැව ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි දිනේෂ් හේමන්ත නමැති අයෙකි.
මෙම පුද්ගලයා ඉකුත් 19 දින කාන්තාවන් දෙදෙනෙක් සමඟ නල්ලතන්ය- ශ්රී පාද මාර්ගයෙන් ශ්රී පාද වන්දනාව සඳහා ගොස් ඇත.
මෙම පුද්ගලයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් සිරිපාගම පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව එක්ව මෙම පුද්ගලයා සොයා ගැනිමට (21) පෙරවරැවේ සිට මෙහෙයුමක් දියත් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි
ගාමිණී බණ්ඩාර/හැටන් රංජිත් රාජපක්ෂ