ඇදුම රෝගය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් ලක්ෂ පහක් පමණ මරණයට පත්වන බවත් මෙම රෝගය ලොව පුරා ප්‍රචලිත වීමට හේතු වී ඇත්තේ වායු දූෂණය දේශගුණ විපර්යාස ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් බව මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දුශ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (18) පැවැති ඇදුම රෝග පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුම් වැඩසටහනකට සහභාගී වෙමිනි .
එහිදී විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේඅධික සීතල, දුම්වැටි භාවිතය, රථ වාහන මගින් පිටවන අධික දුම, ලොම් සහිත සතුන් ඇසුර, මනසික ආතතිය, ඇතුළු කරුණු ගණනාවක් ඇදුම රෝගයටහේතුවන බවයි .
වාර්ෂිකව ලොව පුරා මිලියන 265 ක් පමණ ඇදුම රෝගයටගොදුරුවන බව පැවසූ මහාචාර්යවරයාදැන් කුඩා ළමුන් ඇතුළු ලක්ෂ 05 කට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව මිය යන බවදපැවසීය . ළමුන් දස දෙනෙක් ගතහොත්ඉන් එක් අයකුට ඇදුම රෝගලක්ෂණ තිබෙන බවත්රෝග පිළිබඳ දැනුවත් නොවීමරෝගය උත්සන්න වීමට හේතු වන බව ද අවධාරණය කළේය .
කල් පවතින කැස්ස, හතිය, පපුවේ රූං රූං ශබ්දයපිට වීම, නිතර කිවිසුම් යාම, ඇස් හා නාසය කැසීම, නිතර උණ ගතිය තිබීම, වැනි ලක්ෂණ තිබේ නම්සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවීමයෝග්ය බව දවිශේෂඥ වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් එහි දී වැඩිදුරටත් අවධාරණය කළේය .
ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා සිප්ලා සිප්ලා ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.