ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එළැඹෙන ජනවාරි 01 දා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
ශවේන්ද්‍ර සිල්වා මහතා 2022 ජුනි 01දා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්විය. අවස්ථා කිහිපයකදීම ඔහුගේ ධුර කාලය දිගු කිරීමට කටයුතු කෙරිණි.
විශේෂයෙන්ම යුදමය වකවානුවේදී 58 වැනි සේනාකාංග ප්‍රධානී ලෙස ඔහු පිළිබඳව වැඩි අවධානයක් යොමුවිය. ශවේන්ද්‍ර සිල්වා මහතාගේ හමුදා සේවය වසර 40කට ආසන්න වෙයි.