ශ්‍රි ලංකාවේ පැවැති යුදමය කාලසිමාව තුළදි මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට සඳහන් කරමින් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන අයට මෙලෙස සම්බාධක පනවා තිබේ.
ඊට අමතරව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ද එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ.
ඒ අනුව අදාළ පුද්ගලයින්ට එක්සත් රාජධානියේ සංචාරය කිරීම, එරට තුළ වත්කම් රැස්කිරීම ද තහනම් වනු ඇත. එසේම ඔවුන්ට එක්සත් රාජධානිය තුළ වත්කම් ඇත්නම් ඒවා ද තහනම් වනු ඇත.