ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් ඇති බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමුකළ බව කියන ලිපි තුන සලකා බලන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
විපක්ෂනායකවරයා පැවැසුවේ පසුගිය 06, 07 හා 09 දා දිනයන්වලදී ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙම ලිපි යොමුකර ඇති බවයි.
එසේම එම ලිපි තමන් පාර්ලිමෙන්තුවේ සභාගත කර ඇති බවද ඔහු සඳහන් කළේය. එයට පිළිතුරු දෙමින් ජනපතිවරයා සඳහන් කළේ ලිපි තුන තමන වෙත යොමුකරන ලෙසත් ඒ අනුව තමන ඒ පිළිබඳව අවධානය යොමුකරන බවත්ය.