බංග්ලාදේශ ක්රිකට් නායක ෂකීබ් අල් හසන් ඉරිදා බංග්ලාදේශයෙ පැවැති මහ මැතිවරණයෙන් තම ආසනය ජයග්රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු බංග්ලාදේශ අග්රාමාත්ය ෂීක් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය යටතේ මැතිවරණය තරග කළේය.
36 හැවිරිදි තුන් ඉරියව් ක්රීඩක ෂකිබ් බටහිර මගුරා නගරයේ ඔහුගේ මැතිවරණ කොට්ඨාශයේ ජයග්රහණය කළේ ප්රතිවාදියාට වඩා වැඩි ඡන්ද 150000ක් ලබා ගනිමිනි.