අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කල සැකකරු පදිංචිව සිටි ගල්නෑව පිහිටි නිවසේ ගමන් මල්ලක පාත්තරයක සඟවා තිබූ ජීව අත්බෝම්බයක් ඊයේ (13දා) රාත්‍රී සොයා ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
වෛද්‍යවරියට ලිංගික හිංසනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු විසින් පැහැර ගනු ලැබූ, එම වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා සැකකරු පදිංචිව සිටි ගල්නෑව, නව නගරය , ඩී. තුන ඇල පාර, නිවසේ සිදුකල සෝදිසියකදී මෙම බෝම්බය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු විසින් සොරකම් කරන ලද වෛද්‍යවරියගේ එම ජංගම දුරකථනය සොයා ගැනීමට සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී පාත්තරයක් , වටාපතක් සහ සිවුරක් බහාලු මල්ලක සඟවා තිබී මෙම ජීව අත්බෝම්බය සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.
මෙම සැකකරු ඊයේ ( 13දා) දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ලැබුණු රැඳවුම් නියෝග මත, වැඩි දුර පරීක්ෂණ සඳහා, එම සැකකරු පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී මෙම ජීව අත්බෝම්බය හමුවූ බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.