අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක සිය රාජකාරිය නිමවා නිල නිවසට පැමිණෙමින් සිටි අවස්ථාවේදී පිහියක් පෙන්වා ඇය නිල නිවස තුළදීම බලහත්කාරයෙන් දූෂණය කර, පසුව වෛද්‍යවරිය සතුව තිබූ ජංගම දුරකථන දෙකෙන් එකක් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අපරාධයට අදාළ සැකකරු වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට සහ එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්න මහත්මියට නියෝග කළාය.
වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් පසුව අදාල අපරාධකරු විසින් පැහැරගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකථන යෙන් ලබා ගෙන ඇති සහ ඊට ලැබී ඇති දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඩයලොග් සමාගමේ කළමනාකාරීත්වයට තව දුරටත් නියෝග කරනු ලැබීය.
මෙසේ නියෝග කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක සිය නිල නිවස තුළදී බරපතළ දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ඒ.සී දයානන්ද මහත බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් තව දුරටත් අධිකරණයට කරුණු දක්වමින් උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා පැවසුවේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සිය නිල නිවස තුළදී පිහියක් පෙන්වා බිය ගන්වා බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසිය මගින් මූලිකව දැනුම් දීමක් කළ බවයි.
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද සහ අනුරාධපුර බී.ජී. චතුරංග