ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර් ථික අර් බුදයෙන් ගොඩ ඒම වෙනුවෙන් සිදුකිරීමට යෝජිත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර් ග අනුව බදු වර් ග කිහිපයක්ම යළිත් වැඩි කිරිමට අවධානය යොමුව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර් තා කරයි.
2019 වසරේ නොවැම්බර් මාසයේදී සිදුකළ අත්තනෝමතික බදු කප්පාදුවට පෙරාතුව පැවැති බදු ක්‍රමය මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අනුව ආදායම් බද්ද, රඳවා ගැනීමේ බද්ද, උපයන විට බදු සහ එකතු කළ අගය මත බද්ද ඉහළ නංවනු ඇති බවත් එමඟින් මුල්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.6ක සිට දක්වා 13 සහ 14 ක් දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.
ප්‍රථමයෙන් ඉහළ නැංවීමට නියමිතව ඇත්තේ ආදායම් සහ උපයන විට ගෙවීමේ බදු බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.
"පරිභෝගික මිලකරණයට සෘජු බලපෑමක් ඇති කරන නිසා වැට් බද්ද මට ඉහළ නැංවීමට අවශ්‍ය අවසාන දෙයයි" ඔහු පැවසීය. "මෙම බදු සියල්ල නැවත සලකා බැලිය යුතු අතර එමඟින් අපට ආදායම් එකතු කිරීම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13-14 දක්වා ආපසු ගෙන යා හැක."
බදු වැඩි කිරීම කාලරාමුවක් යටතේ සිදු කිරීමට තීරණය කර නොමැති බවත් වැඩි කිරීම අදියරෙන් හෝ සම්පූර්ණයෙන් සිදුවේද යන්න තීරණය කළ යුතු බව ඔහු පැවසීය.
2019 නොවැම්බරයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්රහණයෙන් ටික කලකට පසු, රජය විසින් වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා අඩු කිරීම සහ ව්‍යාපාර විසින් ගෙවනු ලබන සියයට දෙකක ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු තවත් බදු හතක් අහෝසි කරන බව නිවේදනය කළේය. එමෙන්ම සියලුම ආගමික ආයතන බදුවලින් නිදහස් කළේය.
IMF මාර්ත තු මාසයේදී කියා සිටියේ, මෙම අඩු කිරීම් ආදායම් සහ වියදම් ක්‍රියාමාර්ග කෙරෙහි COVID-19 හි බලපෑම සමඟ ඒකාබද්ධව මූල්‍ය හිඟය 2020 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.8 දක්වා සහ 2021 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.4 දක්වා පුළුල් කළ බවත්, රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 ට වඩා ඉහළ නංවන බවත්ය.
එවක ජනපති අපේක්ෂක ලෙස වූ ගෝඨාභය රාජපක්ෂ මහතා බදු කප්පාදුව පිළිබඳව සඳහන් කළ විට එවක මුදල් අමාත්‍ය වූ දිවංගත මංගල සමරවීර මහතා අනතුරු ඇඟවූයේ බදු කප්පාදුව ඉදිරියට ගියහොත් රට ග්‍රීසිය හෝ වෙනිසියුලාව වැනි බංකොලොත්භාවයකට මුහුණ දෙන බවයි.
බ්‍රහස්පතින්දා නිකුත් කළ තොරතුරු සටහනක මුදල් අමාත්‍යාංශය අනතුරු ඇඟවූයේ වගකිවයුතු සහ විනයගරුක මූල්‍ය කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී “රටට සහ එහි පුරවැසියන්ට දුෂ්කර කාල පරිච්ඡේදයක් හරහා යාමට සිදුවනු ඇති” බවයි.
“ප්‍රතිසංස්කරණ වේදනාකාරී වනු ඇති බැවින් අවදානමට ලක්විය හැකි සහ අවශ්‍යතා ඇති කොටස් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් අවශ්‍ය වේ,” එය සඳහන් කරයි. එහෙත් මෙම තීරණාත්මක අවස්ථාවේදී අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම “ඉතා වියදම් අධික වනු ඇති” බවට එය අනතුරු අඟවයි.
2021 වසරේ පමණක් රජයේ මුළු වියදම එහි ආදායම මෙන් 2.4 ගුණයක් වූ බව සටහනේ සඳහන් වේ. එමෙන්ම රජයේ දෛනික මෙහෙයුම් සඳහා වියදම් කිරීම එම වසරේ ආදායම මෙන් 1.9 ගුණයක් විය. ආදායමෙන් සියයට 72 ක් පමණ පොලී වියදම් වෙත යොමු වූ අතර, එය ලෝකයේ එවැනි ඉහළම අනුපාතවලින් එකක් වන අතර වැටුප් සියයට 58 ක් විය.
"වේදනාකාරී" ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස හඳුන්වා දිය යුතු පියවර අතර, "සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස්වලට සහාය වීම සඳහා සමාජ ආරක්ෂණ දැල් සහිත" උපයෝගිතා සහ බලශක්ති අංශ සඳහා පිරිවැය මත පදනම් වූ මිලකරණය වේ. ඵලදායි නොවන SOEs [රාජ්‍ය සතු ව්‍යවසායන්] ඇතුළුව ඌන උපයෝගි කර නොගත් සහ උපාය මාර්ගික නොවන රාජ්‍ය වත්කම් ඉවත් කිරීම ද අවශ්‍ය වනු ඇත.
"මෙම තීරණාත්මක අවස්ථාවේදී අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම අතිශයින් වියදම් අධික වනු ඇත" යනුවෙන් මුදල් අමාත්‍යාංශය අනතුරු අඟවයි.